colombotimes.lk
සිංහල | English

17 September 2024


ඡන්දය වෙනුවෙන් පාසල්වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි



එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියළුම පාසල් සැප්තැම්බර් 20 වන දින වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වන දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඊට අදාළ නිවේදනය පහතින්,



(colombotimes.lk)