colombotimes.lk
සිංහල | English

19 May 2024

නව අවුරුදු උදාවේදී සාජාහි ගිනිකෙළි තහනම් කරයි



2024 අලුත් අවුරුදු උදාවේදී සාජාහි ගිනිකෙළි හෝ සැමරුම් සිදු කිරීම එරට පොලිසිය විසින් තහනම් කර තිබෙනවා. 

එය යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ පලස්තීනුවන් සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට ගත් තීරණයක් බවයි බලධාරීන් පවසා ඇත්තේ. 
 
මෙම තහනම කඩකරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඊට සහයෝගය දක්වන ලෙසත් සියලුම ආයතන සහ පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින බවත් පොලිසිය පවසනවා. 
 
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ දැනටමත් 20,000කට අධික පිරිසක් මිය ගොස් තිබෙන අතර ඔවුන්ගෙන් සියයට හැත්තෑවක් කාන්තාවන් සහ ළමුන් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
වාර්තාව - (Khaleej Times)