colombotimes.lk
සිංහල | English

19 May 2024

අමතර වෙලාවක් නිදාගැනීම නිසා හෘදයාබාධ සෑදීමේ අවදානමක්



අමතර වෙලාවක් නිදා ගැනීම පුද්ගලයන්ගේ සෞඛ්‍යට යහපත් නොවන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එයට හේතුව බොහෝ පිරිසක් සතියේ දිනවල සහ සති අන්තයේ විවිධ නිදා ගැනීමේ ඉරියව් සහ වේලාවන් වෙන්කරගෙන සිටීමයි.

මේ හේතුවෙන් විවිධ රෝග ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව සඳහන්.

ඒ අනුව තරබාරුකම, හෘදයාබාධ වැනි රෝගී තත්ත්වයන් ඇතිවන බවද එම අධ්‍යයනයෙන් හෙළිවී තිබෙනවා.

එමෙන්ම මේ හේතුවෙන් බඩවැල් ආශ්‍රිත බැක්ටීරියා තත්ත්වයන් වර්ධනය වීම වැඩිවන බවද සඳහන්.

මීට අමතරව මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිට ආහාර ජීර්ණ පද්ධති දක්වා වූ ක්‍රියාකාරකම් රාශියකට මේ හරහා බාධා එල්ලවන බව අධ්‍යනයෙන් වැඩිදුරටත් හෙළිව තිබෙනවා.
(colombotimes.lk)