colombotimes.lk
සිංහල | English

19 May 2024

සූර්ය පැනල පස් ගුණයකින් කාබන් ඩයොක්සයිඩ් නිපදවයි



සූර්ය පැනල මගින් පෙර ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා පස් ගුණයකින් කාබන් ඩයොක්සයිඩ් මුදාහරින බව හෙළිදරව් වී තිබෙනවා.

ඒ, ඉතාලි පර්යේෂකයෙක් සිදුකළ නව අධ්‍යනයකින් පසුවයි.

එමෙන්ම ලෝකයේ භාවිතා කරන සූර්ය පැනල වලින් 80%ක් චීනයේ නිපදවන බව සඳහන්.

චීනය විසින් මෙම සූර්ය පැනල නිපදවීම සඳහා ගල් අඟුරු කම්හල් භාවිතා කරන බවයි වාර්තා වන්නේ.

එය ඇමරිකාවේ සහ අනෙකුත් බටහිර රටවල භාවිතා කරන තාක්ෂණයේ මිල පහත හෙළීමට සමත් වී තිබෙනවා.

චීනයට ගල් අඟුරු සඳහා ප්‍රවේශය නොමැති නම්, සූර්ය බලශක්තිය වර්තමානයේ පවතින තරම් ලාභදායී නොවන බවද ඔවුන් සඳහන් කළා.
(colombotimes.lk)