colombotimes.lk
සිංහල | English

19 May 2024

කොරියානු සුපිරි තරුවක් අභිරහස් ලෙස මියයයි



ඔස්කාර් සම්මානලාභී, Parasite චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් දකුණු කොරියානු නළු Lee Sun-kyun මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහු 48 හැවිරිදි වියේ පසු වූ බව සඳහන්.

සෝල් හි උද්‍යානයක මෝටර් රථයක් තුළ තිබී Lee Sun-kyun ගේ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මරණයට හේතුව පිළිබඳව නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව එරට පොලීසිය සඳහන් කළා.

නමුත් ඔහු සිය නිවසින් පිටත්ව යාමට පෙර මතක සටහනක් ලියා ගොස් තිබෙන බවයි ඔහුගේ ඒජන්සිය පැවසුවේ.

ඔහු මෑතකදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණයට ද පෙනී සිට තිබෙනවා.
(colombotimes.lk)