colombotimes.lk
සිංහල | English

18 May 2024

ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරමින් යුද්ධ හමුදා වෛද්‍යවරු ගිනස් ලෝක වාර්තා අතරට (PHOTOS)



වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට කොළඹ යුද්ධ හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් ව තිබෙනවා. 

ඒ කොළඹ යුද්ධ හමුදා රෝහලේදී බ්‍රහස්පතින්දා (ජුනි 1) දින සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදීයි. 
 
එය ගිනස් ලෝක වාර්තා අතරට ද එක් වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මාධ්‍ය අංශය පැවසුවේ. 
 
කොළඹ යුද්ධ හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදුකර තිබෙනවා. 
 
ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ සහය වුණ බවත් පැවසුවා. 
 
මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත එකක්. 
 
ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල වර්ෂ 2004 දී ඉන්දීයාවෙදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිගකින් යුක්තයි. 
 
බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 පකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන්.
(colombotimes.lk)