colombotimes.lk
සිංහල | English

18 May 2024

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්



ජපන් රජයේ ණය ආධාර මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය වන යෝකෝ කමිකාවා මහත්මිය අද (04) විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එහිදී ඇය පෙන්වා දුන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කළ පසු සහ ද්විපාර්ශ්වික ගිවිසුම කඩිනමින් අවසන් කිරීමේ අභිප්‍රාය ශ්‍රී ලංකා රජය තහවුරු කළ පසු එලෙස අදාළ ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කළ හැකි බවයි.

ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහය දීමට ජපානය සූදානම් බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.
 
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් සම්පූර්ණ වනු දැකීම ජපානයේ අපේක්ෂාව බව මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළා.

නිදහස් සහ විවෘත ඉන්දු - පැසිෆික් කලාපයක් උදෙසා ශ්‍රී ලංකාවට සාමුද්‍රික ක්ෂේත්‍රයේ සහය ලබාදීමටද ජපානය සූදානම් බවත් ඒ සඳහා 'සෝනාර්' තාක්ෂණයෙන් සන්නද්ධ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් ඇය සඳහන් කළා.
(colombotimes.lk)