colombotimes.lk
සිංහල | English

17 May 2024

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පුර්ව වටයට



විස්සයි 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවාලියේ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ, ඊයේ (1) උගන්ඩා කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 67කින් ජය ගැනීමත් සමඟයි.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි උගන්ඩා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 87ක් පමණයි.
(colombotimes.lk)