colombotimes.lk
සිංහල | English

03 May 2024

ශ්‍රීලනිප විධායක සභාව රැස්වෙයි



වාරණයට ලක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය ඊයේ (20) ජයවර්ධනපුරදී දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණා.

එය නීත්‍යානුකූල නොවන රැස්වීමක් බව පවසමින් භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් විරෝධය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එවන් පසුබිමක වාරණයට ලක් වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය අද (21) ඇතුල්කෝට්ටේ ප්‍රසිද්ධ හෝටලයකදී විධායක සභා රැස්වීමක් කැඳවා තිබෙනවා.

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ, එම විධායක කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරයට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පත්කළ බවයි.
(colombotimes.lk)