colombotimes.lk
සිංහල | English

18 May 2024

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් ඉහළට



ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබා දෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ක්‍රිකට් ආයතනය පවසන්නේ, ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බවයි.

නව තරග ගාස්තු අනුව එක් එක් ක්‍රීඩකයාගේ තර්ක කොන්ත්‍රාත්තුව මත පදනම්ව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදු කර ඇති බව සඳහන්.

ක්‍රීඩකයෙකුට තරගයකින් ඇමරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමි වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 44කට ආසන්න වනවා.
(colombotimes.lk)