colombotimes.lk
සිංහල | English

18 May 2024

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4 දෙනෙකුට IPL අහිමි වන ලකුණු



ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සුදුසුකම් ලබා සිටි දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මදුශංක සහ වනිඳු හසරංග යන ක්‍රීඩකයින්ට ඊට සහභාගී වීම සඳහා අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ ඔවුන් අවසන් වරට සහභාගී වූ තරගවලදී අබාධවලට ලක් වීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඔවුන් IPL තරගාවලියට සහභාගී වුවහොත් එළඹෙන ජූනි මාසයේ ආරම්භ වීමට නියමිත 20 - 20 ලෝක කුසලානට සහභාගී වීමට නොහැකි වනු ඇතැයි යන සැකය මත ක්‍රිකට් ආයතනය විසින් එම පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)