colombotimes.lk
සිංහල | English

19 May 2024

ගිනිගත් ගාසා | ඊශ්‍රායලයේදී මියගිය ලාංකික කාන්තාවගේ සිරුර මෙරටට



පලස්තීනය සමඟ පවතින ගැටුම්වලදී ඊශ්‍රායලයේදී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අනුලා රත්නායකගේ දේහය ශ්‍රී ලංකාවට භාරදීමට කටයුතු කරමින් සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, දේහය අද දිනයේදී කොළඹට ගෙන්වීමට කටයුතු කරන බවයි.

ගැටුමේදී අතුරුදන් වූ තවත් ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් ඇත්දැයි සොයා බැලීමට පියවර ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයාගේ දරුවන්ගේ DNA සාම්පල ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම සාම්පල මගින් තොරතුරු දැනගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)