colombotimes.lk
සිංහල | English

17 May 2024

තක්සින් ෂිනවත්‍රා නිදහස ලබා ගෙදර යයි



දූෂණ අක්‍රමිකතා චෝදනා මත සිරදඬුවම් නියමව සිටි තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත්‍රා නිදහස ලබා බැංකොක්හි පිහිටි සිය මන්දිරය වෙත පැමිණ තිබෙනවා.

74 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍යවරයාට වසරක සිරදඬුවමක් නියමව තිබුණා.

සෞඛ්‍ය හේතුන් මත ඔහු එරට පොලිස් රෝහලක රඳවා සිටි අතර, එක්දිනක් හෝ බන්ධනාගාරයේ රැඳී නොසිටි බව විදෙස් මාධ්‍යය වාර්තා කළා.

දූෂණ අක්‍රමිකතා චෝදනා මත තක්සින් ෂිනවත්‍රාට වසර 08ක සිරදඬුවමක් නියම වී තිබුණ ද තායිලන්ත රජු විසින් එය වසරක් දක්වා අඩු කිරිමට පියවර ගත්තා.
(colombotimes.lk)