colombotimes.lk
සිංහල | English

18 May 2024

එංගලන්තයට ගිය පොලීසියේ 4ක් පනී



ජාත්‍යන්තර පොලිස් සංගමයේ සමුළුවකට සහභාගී වීම සඳහා එංගලන්තයට ගිය ශ්‍රී ලංකා පොලිසියේ 4 දෙනෙකු සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර තිබෙනවා. 

පොලිස් නිලධාරීන් 6 දෙනෙකු පසුගිය මාසයේදී මේ සඳහා සහභාගී වීමට පිටත්ව ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. 
 
නමුත් පසුගිය 4 වනදා ඔවුන් නැවත රාජකාරියට වාර්තා කළ යුතුව තිබුණද,මෙතෙක් මෙරටට පැමිණ ඇත්තේ දෙදෙනෙකු පමණක් බවයි වාර්තා වන්නේ. 
 
පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙක් මෙලෙස නොපැමිණ ඇති බව සඳහන්.
(colombotimes.lk)