colombotimes.lk
සිංහල | English

18 May 2024

පොසොන් පෝදා මත්පැන් දන්සැල් දුන් අයට වැඩ වැරදියි



පොසොන් පොහෝ දින මත්පැන් දන්සලක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ටික්ටොක් ඔස්සේ පළකළ තරුණයන් 06 දෙනෙකුව අද (14) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඒ, මත්පැන් සහ මධ්‍යසාර ප්‍රචාරණය කිරීමේ චෝදනාව යටතේ. 
 
මේ පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබුණා. 
 
ඒ අනුව කටුනායක පදිංචි වයස 20ත් 25ත් අතර පසුවන තරුණයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
(clombotimes.lk)