colombotimes.lk
සිංහල | English

17 May 2024

තුන්කොන් පුහුණු තරගාවලිය අද සිට



ලබන මස පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තුන්කොන් පුහුණු තරගාවලියක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව අද (02)  සිට තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට එක්වන කණ්ඩායම් තුන Yellow, Green සහ Red ලෙස නම් කර ඇති අතර සෑම කණ්ඩායමකම සංචිතයක් සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙක් ඇතුළත් වනවා.

එහි පළමු තරගය වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් Yellow කණ්ඩායම හා චරිත් අසලංක විසින් මෙහෙයවන Red කණ්ඩායම අතර පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)