colombotimes.lk
සිංහල | English

02 May 2024

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට



මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ව CIDය විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ දොරුටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ සැරයන්වරයෙක්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා ගනිමින් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)