colombotimes.lk
සිංහල | English

04 May 2024

උමා ඔය ව්‍යාපෘතිය හෙට ජනතා අයිතියට



උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට භාරදීමේ උත්සවයට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට (24) මෙරටට පැමිණීමට නියමිතයි.

ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා.

ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන එම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්ත වනවා.

පුහුල්පොල ජලාශයේ සිට භූගත නල මාර්ග ඔස්සේ කිලෝමීටර් 4ක දුරක් ඩයරබා ජලාශය වෙත ජලය රැගෙන යන අතර පසුව එම ජලාශයේ සිට කිලෝමීටර් 15.5ක දිගකින් යුත් භූගත මාර්ගයක් හරහා ජලය පවර්හවුස් බලාගාරය වෙත රැගෙනු යනු ලබන බව සඳහන්.

එමඟින් මෙරට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කිරීමට නියමිතයි.

එමෙන්ම එම ව්‍යාපෘතිය හරහා බණ්ඩාරවෙල, බදුල්ල සහ මොනරාගල යන ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සහ බදුල්ල සහ මොණරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ජලය සැපයීම ද සිදු කෙරෙනවා.

එම ව්‍යාපෘතිය සඳහා වැයවූ සමස්ත මුදල ඩොලර් මිලියන 514ක්.

ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 450ක මුදලක් ඉරාන රජයෙන් මෙරටට ලබාදීමට එකඟවී තිබුණද ඉරානයට ලබා දීමට හැකි වුණේ ඩොලර් මිලියන 50ක මුදලක් පමණයි.

ඒ අනුව වසර 13කට පසුව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට භාරදීම හෙට (24) දිනයේ සිදු කෙරෙනවා.

(colombotimes.lk)