colombotimes.lk
සිංහල | English

01 May 2024

වගා නොකළ කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගනියි



වගා නොකළ කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීම ලබන මාසයේ ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එවැනි කුඹුරු අක්කර 40000ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

මේ යටතේ අදාළ කුඹුුරු වෙනත් බෝග වගාවන් සඳහා යොදා ගත හැකි බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ සඳහා තමන් අයත් ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයෙන් උපදෙස් ලබා ගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)