colombotimes.lk
සිංහල | English

03 May 2024

VIDEO | මැලේසියාවේ හමුදා හෙලිකොප්ටර් දෙකක් අනතුරකට ලක් වෙයි



මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරකට පත් වී තිබෙනවා.

එම අනතුර සිදු වී ඇත්තේ මැලේසියාවේ Lumut නගරයේදී යි.

අනතුරින් 10 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙර පුහුණු වීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස ගුවනේදී ගැටී මෙම අනතුර සිදු වී තිබෙනවා.

එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක් හෙලිකොප්ටරය ඒ අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)