colombotimes.lk
සිංහල | English

18 May 2024

රේගු අදායමට වාහන ආනයන සීමාව ගැටළුවක් වෙයි



වාහන ආනයනය ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකට ආනයන සීමා පැනවීම හේතුවෙන් අයවැයෙන් අපේක්ෂා කරන ආදායමට ළඟාවිය නොහැකි බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

රේගු නිලධාරීන් පෙන්වා දෙන්නේ, රේගුවට ලැබෙන ආදායමෙන් 20% ක් පමණ ලැබෙන්නේ වාහන ආනයනයේදී පනවන බදු මත බවයි.

එමෙන්ම වාහන ආනයනයට පනවා ඇති සීමා පවතින තෙක් බලාපොරොත්තු වන ආදායමට ලඟාවිය නොහැකි බව ද ඔවුන් පවසනවා.

මේ මස සිට වාහන ආනයනයට අවසර දෙන්නේ නම් ඉදිරි මාස 6 ඇතුළත රුපියල් බිලියන 150ක් වාහන ආනයනික බදු ලෙස ලබාගත හැකි බව සඳහන්.

මේ නිසා ණය ආධාර ක්‍රමයක් යටතේ (Credit line) වෙනත් රටක් සමඟ සම්බන්ධ වී වාහන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව රේගු නිලධාරීන් එහිදී සඳහන් කර තිබුණා.

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙරට පවතින විදේශීය මුදල් වැය නොකර රේගු ආදායම වැඩි කරගැනීමට හොඳම ක්‍රමය මෙය බවයි.
(colombotimes.lk)