colombotimes.lk
සිංහල | English

04 May 2024

රුසියානු ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අරඹයි



රුසියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වී ඇති අතර ව්ලැඩිමීර් පුටින්ට තවත් වසර 6ක බලයක් ස්ථීරවම ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහුට විශ්වාසදායක ප්‍රතිවාදියෙකු නොමැති බැවින් ප්‍රතිඵලය සැකයක් නොමැති වුවත් දින තුනක් පුරා ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වනවා.

71 හැවිරිදි ව්ලැඩිමීර් පුටින් තමන් පස්වැනි වරටත් ජනාධිපති ධූරයට ඉදිරිපත් වන බව පසුගිය දෙසැම්බරයේ පැවති හමුදා සම්මාන උළෙලකදී රුසියානු ජනතාවට ප්‍රකාශ කළා.

 
(colombotimes.lk)