colombotimes.lk
සිංහල | English

19 May 2024

WhatsApp තුළට තවත් අලුත්ම විශේෂාංගයක් එකතු කරයි



WhatsApp තුළ වීඩියෝ ඇමතුම් අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා එහි නවතම විශේෂාංගය ලෙස තිර බෙදාගැනීම (screen sharing) හඳුන්වාදී තිබෙනවා. 

ඒ Microsoft Meet, Google Meet, සහ Zoom මෙන්ම Apple's FaceTime ඇතුළු සාම්ප්‍රදායික වීඩියෝ සම්මන්ත්‍රණ යෙදුම් වල අභාෂය ලබා ගනිමින්. 
 
Meta ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් Facebook සටහනක් හරහා සහ ඔහුගේ Instagram නාලිකාව හරහා ප්‍රකාශයට පත් කළේ විශේෂාංගය, වීඩියෝ ඇමතුම් වලින් ලබා ගත හැකි සම්බන්ධතා සමඟ ඔබේ ලේඛන, ඡායාරූප සහ සාප්පු සවාරි පවා ඒ හරහා බෙදා ගැනීමට ඔබට ඉඩ සැලසෙන බව දන්වමින්.
(colombotimes.lk)