colombotimes.lk
සිංහල | English

18 May 2024

ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹෙයි



ජූනි මස ආරම්භ වන පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට අවස්ථාව පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසනවා.

නමුත්, ඇමරිකාවේ පැවැත්වෙන තරග නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර නොමැති අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මේ වනවිට මිලදී ගත හැකි බවයි එම කවුන්සලය වැඩිදුරටත් කියා සිටියේ.

ලෝක කුසලාන ශූරයන්ට පිරිනමන කුසලානය එළිදැක්වීම සහ එය ලොව වටා රැගෙන යාම ඊයේ (20) ඇමරිකාවේදී ආරම්භ වුණා.
(colombotimes.lk)