colombotimes.lk
සිංහල | English

18 May 2024

අසිරිමත් නත්තල අදයි - දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්



යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරමින් ලෝකවාසී ජනතාව මහත් හරසරින් සමරන නත්තල් දිනය අදයි (25).

ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමේ අරමුණෙන් අදින් වසර 2023 කට පෙර දිනෙක බෙත්ලෙහෙම් හිදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවුණා.

ඒ අනුව විමුක්ති මග දෙසු ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලක්ෂ සංඛ්‍යාත කිතුනු බැතිමතුන් ඉතා භක්තියෙන් යුතුව සැමරීම සිදුකරනවා.

නත්තල සමරන අද දිනයේ දිවයිනේ සියලු ‍දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, මෙලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති නම් 011 247 27 57 යන විශේෂ අංකය හරහා පොලිස් මූලස්ථානයට දැනුම්දීමක් සිදුකළ හැකි බවයි.
(colombotimes.lk)