colombotimes.lk
සිංහල | English

19 May 2024

නිවසේ සිට වැඩ කිරීමේ සංකල්පය නිමාවන ලකුණු



Zoom ආයතනය සිය සේවකයින්ට නැවත කාර්යාලයට පැමිණෙන ලෙස නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කාර්යාලයේ සිට සැතපුම් 50ක් (80km) ඇතුළත ජීවත් වන පුද්ගලයන් සතියකට දෙවරක්වත් මෙසේ පැමිණිය යුතු බව සඳහන්.

මේ හරහා Zoom සිය නම්‍යශීලි ප්‍රතිපත්තිය ආපසු හැරවීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට අමතරව Amazon සහ Disney සමාගම් ද සිය සේවකයින් දුරස්ථව වැඩකරන දින ගණන අඩු කිරීමට පියවර ගෙන තිබුණා.

නමුත් තවමත් නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව සම්පුර්ණයෙන් අහිමි කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)