colombotimes.lk
සිංහල | English

13 May 2024

ගිලන් රථ රියදුරන් පිරිසක් අද සහ හෙට වර්ජනයක



මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් අද (19) සහ හෙට (20) දෙදින වැඩ වර්ජනයක නිරත වීමට පියවර ගෙන තිබෙනවා. 

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරන ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බවයි මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ. 
 
මේ අතර අද දිනයේ ටෙලිකොම් වෘත්තීය සමිති කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විරෝධතා ක්‍රියාමාර්ග සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා සඳහන් කළා.
 
ඒ ටෙලිකොම් ආයතනය විකිණීම සඳහා එහි සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිදුකරනු ලබන ක්‍රියාවලට එරෙහිවයි. 
(colombotimes.lk)