colombotimes.lk
සිංහල | English

17 May 2024

කෙහෙළියගේ ලෙඩ ගැන සොයන්න කමිටුවක්



හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියම කළා.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි මෝෂමක් මාර්ගයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)