colombotimes.lk
සිංහල | English

04 May 2024

ඊශ්‍රායලයේ ලාංකිකයන් ගැන තානාපති කාර්යාලය විමසිල්ලෙන්



ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තරව විමසිල්ලෙන් පසුවන බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ගැටලුකාරී පසුබිමක සිටින අයෙක් ඇත්නම් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙසයි තානාපතිවරයා දැනුම්දී ඇත්තේ.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්වය හමුවේ ද ඊශ්‍රායලය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලාංකිකයින් 11,500ක පම‍ණ පිරිසක් ඊශ්‍රායලයේ සේවය කරන අතර ඉන් සියයට 70ක් පමණ නිවෙස්වල සේවය කරන බව සඳහන්.

එමෙන්ම සියයට 15ක් පමණ කෘෂිකර්ම, වැඩබිම්වල සහ සෙසු පිරිස ඉදිකිරීම් හා වෙනත් අංශවල සේවයේ නිරතව සිටින බව තානාපති කාර්යාලය අවධාරණය කරනවා.

(colombotimes.lk)