colombotimes.lk
සිංහල | English

17 May 2024

ඇමරිකාවෙන් ලංකාවට ගුවන් යානයක්



මෙරට වෙරළ තීරයේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවීම සඳහා ගුවන් යානාවක් ලබාදීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

විශේෂ හමුවකට එක්වෙමින් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන Doland Lu මේ බව සඳහන් කර ඇති අතර ‘king air’ ගුවන් යානාවක් මෙලස ලබාදීමට නියමිතයි.

එය මේ වසර තුළ දී ලැබෙනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ආරක්ෂාව සඳහා මෙරට ආරක්ෂක අංශ වෙත මීට පෙර බෝට්ටු ලබාදීමට ද කටයුතු කළා.
(colombotimes.lk)