colombotimes.lk
සිංහල | English

18 May 2024

නීතිවිරෝධී ලෙස ප්‍රංශයට ගිය 14ක් මෙරටට



ප්‍රංශයේ රියුනියන් දූපතට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් දූපතට සංක්‍රමණය වීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ ගෙන්වාගෙන ඇති පිරිස වන්නේ,
1) 2023 දෙසැම්බර් 07 වන දින බහුදින ධීවර යාත්‍රාවෙන් සංක්‍රමණය වූ පුද්ගලයින් 07 දෙනෙකු, බහුදින ධීවර යාත්‍රාවෙන් සංක්‍රමණය වූ පුද්ගලයින් දෙදෙනෙකු.
2) 2018 දී බහුදින ධීවර යාත්‍රාවෙන් සංක්‍රමණය වූ පුද්ගලයින් 03 දෙනෙකු සහ 2019 වසරේ ඉන්දුනීසියාවේ සිට සංක්‍රමණය වූ පුද්ගලයින් දෙදෙනෙකු.
(colombotimes.lk)