colombotimes.lk
සිංහල | English

18 May 2024

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වෙයි



අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023(2024) විභාගය හෙට (06) සිට 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 387,648 හා පුද්ගලික අයදුම්කරුවන් 65,331ක් වශයෙන් අයදුම්කරුවන් 452,979ක් පෙනී සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් කිරීම හා උත්තර පත්‍ර භාර ගැනීම ඇතුළු සම්බන්ධීකරණ කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535ක් හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
(colombotimes.lk)