colombotimes.lk
සිංහල | English

04 May 2024

නිදහස් පක්ෂ කාර්යාලයේ උණුසුම් තත්වයක්



කොළඹ ඩාර්ලි පාරේ පිහිටා තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්වයක් උද්ගත වී තිබෙනවා.

ඒ එම ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සාහ කළ පිරිසකට පොලිසිය විසින් බාධා එල්ල කිරීමත් සමඟයි.

අදාළ පිරිස එලෙස ඇතුළු වීමට උත්සාහ කර ඇත්තේ ශ්‍රිලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
 
(colombotimes.lk)