colombotimes.lk
සිංහල | English

19 May 2024

කාන්තාවක් නිරුවත්කර පහරදීම හේතුවෙන් ඉන්දියාව කැළඹෙයි



කාන්තාවන්ට එරෙහි සාහසික අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට තවමත් නිසි පරිදි නීති සකස් වී නොමැති බව ඉන්දියාවේ නීති විශාරදයින් පවසනවා.

මේ මස මුලදී, ඉන්දියාවේ දී කාන්තාවක් නිරුවත් කර පහරදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් ඔවුන් මෙම අදහස් පළකර තිබෙනවා.

දෙසැම්බර් 11 වැනි දින අලුයම 1 ට පමණ පැමිණි පිරිසක් විසින් මෙසේ ඇයව නිවසින් පිටතට ගෙන පහර දී තිබුණා.

පහර කෑ කාන්තාවගේ වයස අවුරුදු 42ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙසේ පහර දී ඇත්තේ, ඇයගේ 24 හැවිරිදි පුත්‍රයා ඔහුගේ 18 හැවිරිදි පෙම්වතිය සමඟ පලාගොස් තිබීම හේතුවෙන්.

මෙසේ පලාගොස් ඇත්තේ වෙනත් තරුණයෙකු සමඟ තරුණියගේ විවාහයට සිදුකිරීමට සැලසුම්කර තිබූ දිනට පෙර දිනයේ බව සඳහන්.

සිදුවීම සම්බන්ධයෙන් කෝපයට පත් තරුණියගේ පවුලේ සාමාජිකයින් ඇය සමඟ පලාගිය තරුණයාගේ මවට පහර දී තිබුණා.

පසුව පොලීසිය විසින් ඇයව රෝහල් ගතකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 12 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු වැඩ තහනමට ලක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රජය විසින් ඇයට ඉඩමක් සහ වන්දි මුදලක් ලබා දෙමින් සඳහන් කර තිබුණේ, ඇය විඳ දරාගත් නින්දාව වන්දි මුදලක් ලබා දීමෙන් පියවිය නොහැකි බවයි.

මීට අමතරව පසුගිය කාලය තුළ මෙවැනි සිදුවීම් රැසක් ඉන්දියාවේ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)