colombotimes.lk
සිංහල | English

13 May 2024

ජෙරොම්ගේ ඇප අයදුම්පත විභාග කිරීම තවත් කල් යයි



දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ නීතීඥයින් විසින් ගොනු කර තිබූ ඇප අයදුම්පත විභාග කිරීම 2024 ජනවාරි 4 වැනි දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. 

ඒ එම ඇප අයදුම්පත මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයී. 
 
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවේන්ද්‍ර වික්‍රම මහතා පෙනී සිටි අතර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටියා.
(colombotimes.lk)