colombotimes.lk
සිංහල | English

19 May 2024

මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ දිස්වෙයි



අද (28) රාත්‍රියේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් දිස්වන බව තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා අංශයේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට ද දිස්වන බව සඳහන්.

2023 වර්ෂය සඳහා සූර්යග්‍රහණ දෙකක් සහ චන්ද්‍රග්‍රහණ දෙකක් ඇතුළත් වූ අතර අවසන් ග්‍රහණය මෙය බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ඒ අනුව අද රාත්‍රියේ චන්ද්‍රයා පෘථිවි සෙවනැල්ලේ (අඳුරු සෙවනැල්ලෙන් අඩු) අර්ධ සෙවනට ඇතුළු වන අතර මෙය හෙට (29) අලුයම 3.56 ට අවසන් වීමට නියමිතයි.
(colombotimes.lk)