colombotimes.lk
සිංහල | English

13 May 2024

මිල්කෝ සමාගමට නව සභාපතිවරයෙකු පත් කරයි



මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස ජනක ධර්මකීර්ති මහතා පත් කර තිබෙනවා. 

ඒ අද ඉල්ලා අස් වූ රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතාගේ පුරප්පාඩුව පිරවීම සඳහායි. 
 
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා. 
 
ඒ අනුව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව මෙම සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු අමාත්‍යවරයා විසින් ජනක ධර්මකීර්ති මහතාට පවරා තිබෙනවා.
(colombotimes.lk)