colombotimes.lk
සිංහල | English

02 May 2024

සංචාරකයින්ට නව වීසා ක්‍රමයක් හඳුන්වාදෙයි



මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණෙන් නව සංචාරක වීසා ක්‍රමයක් හඳුන්වාදුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නව සංචාරක වීසා යටතේ දින 60, 90, 180, වසර 5, වසර 10 දක්වා වීසා හඳුන්වා දී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළා.

මේ හරහා වසර 10ක වීසා ලබා ගන්නා පුද්ගලයෙකුට අඛණ්ඩව, කැමති කාලයක කිසිදු ගැටලුවකින් තොරව වසර 10 පුරාවට ලංකාවට පැමිණ සංචාරය කිරීමට හැකි බව පාලක ජෙනරාල්වරයා පෙන්වා දෙනවා.

(colombotimes.lk)