colombotimes.lk
සිංහල | English

18 May 2024

අනධ්‍යන සේවක වැඩවර්ජනය අදත්



විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩවර්ජනය අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ සිය වැඩවර්ජනය හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල සති අන්ත පාඨමාලා ඇණහිට ඇති බවයි.

වැටුප 15% කින් කප්පාදු කිරීම සහ මාසික දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබෙනවා.

8 වනදාට පෙර ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළා.
(colombotimes.lk)