colombotimes.lk
සිංහල | English

18 May 2024

2023 ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සමුළුව ළඟදීම



ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය (DMASL) මඟින් පවත්වනු ලබන 2023 ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සමුළුව සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

ඒ අනුව එය එළඹෙන ජූලි මස 4 වෙනි දින, කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.
 
මෙවර එහි තේමාව වන්නේ 'ලංකා පුනර්ජීවනය: ශ්‍රී ලංකාවේ පුනර්ජීවනය සඳහා ඩිජිටල් බලය මුදා හැරීම' යන්නයි. 
 
මෙම අවස්තාව සඳහා Meta, Google සහ LinkedIn ආයතන නියෝජනය කරමින් කථිකයන් දස දෙනෙකු පමණ පැමිණීමට නියමිතයි. 
 
මීට අමතරව ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වීමටද සැලසුම් කර ඇති බව සඳහන්. 
 
සමුළුව සඳහා සහභාගී වීමට රුපියල් 20,000/= ක අවසර පතක් මිලදී ගත යුතු අතර එය dmaslsummit.com වෙතින් මිලදී ගත හැකියි. 
(colombotimes.lk)