colombotimes.lk
සිංහල | English

04 May 2024

චැනල් ෆෝ වැඩසටහන ගැන සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්



පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශය කරන ලද වැඩසටහන මඟින් එල්ල කරන චෝදනා විමර්ශන කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස සඳහන් වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. 

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (17) සම්මත කිරීමට නියමිතයි. 
 
මීට අදාළ යෝජනාව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 
 
චැනල් ෆෝ නාලිකාව විසින් සිදුකරන ලද චෝදනා හේතුවෙන් සියලු පාර්ශ්ව අපහසුවට පත්වන බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම වැදගත් බවද එම යෝජනාව මගින් සඳහන් කර තිබෙන අතර කාරක සභාවේ වාර්තාව මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටද එම යෝජනාවේ සඳහන්.
(colombotimes.lk)