colombotimes.lk
සිංහල | English

19 May 2024

පැය 35ක් මුහුදේ ගිලී ගිය බෝට්ටුවක සිටි පුද්ගලයෙකු බේරා ගනියි (VIDEO)



ෆ්ලොරිඩා වෙරළට සැතපුම් 12ක් ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගරයේ අර්ධ වශයෙන් ගිලී ගිය බෝට්ටුවක සිටි පුද්ගලයෙකු බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

25 හැවිරිදි චාල්ස් ග්‍රෙගරි නැමැති මෙම තැනැත්තා මසුන් ඇල්ලීමට ගොස් ඇති බවත්, පැය 35ක් පමණ මුහුදේ අතුරුදන්ව සිටි බවත් ඔහුගේ පියා ප්‍රකාශ කර තිබෙනවා. 
 
මුහුද මැද කුඩා පැතලි පතුලක් සහිත ධීවර බෝට්ටුවක පුද්ගලයෙක් වාඩි වී සිටිනු ගුවන් යානයක සෝදිසි කණ්ඩායමක් දැක ඇති බව සඳහන්. 
 
පසුව එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකායට දැනුම් දීමෙන් අනතුරුව චාල්ස් ග්‍රෙගරිව බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)