ජනපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම ලබන සඳුදා සලකා බලයි



ජනපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම ලබන සඳුදා සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන මහත්ම මහත්මීන් නම් කර තිබෙනවා.

(colombotimes.lk)