colombotimes.lk
සිංහල | English

22 June 2024

PHOTO | Interstellar චිත්‍රපටයේ අක්කර 500ක බඩ ඉරිඟු වගාවේ ඇත්ත නැත්ත



Interstellar යනු ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ෂනය කළ විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ සිනමා පටයක්.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කළ ක්‍රිස්ටෝපර් නෝලන් යනු චිත්‍රපටවලට CGI භාවිතය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සුප්‍රකට අධ්‍යක්ෂවරයෙක්.

ඔබට මතක ඇති මෙම චිත්‍රපටයේ තිබෙන බඩ ඉරිඟු යායකින් සහ කඳු වලින් වටවුණු තැනක කූපර්ගේ ගොවිපල.

මෙය CGI තාක්ෂණයෙන් නිර්මාණය වුණු ගොවිපොළක් කියා බොහෝ දෙනා සිතුවත්  මේ වෙනුවෙන් බඩ ඉරිඟු අක්කර 500ක් වගා කරන්නට ක්‍රිස්ටෝපර් නෝලන් තීරණය කරනවා.

මේ හේතුවෙන් නෝලන් විසින් ඩොලර් 100,000ක බඩඉරිඟු පැල රූගත කිරීම් ප්‍රදේශයේ රෝපණය කිරීමට ආරම්භ කරනවා.

චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වනතුරු ගොවිබිම නිසි ලෙස පවත්වා ගැනීමට අසමත් වේදෝයි විශාල අවදානමකට නෝලන් මුහුණ දුන්නත් කිසිඳු බාධාවකින් තොරව ඔහු චිත්‍රපටියේ වැඩකටයුතු සාර්ථකව නිම කිරීමට සමත් වුණා.

අවසානයේ ඩොලර් මිලියන 165ක මුදලක් වැය කරමින් නිෂ්පාදයන කෙරූ Interstellar ඇ.⁣ඩො.මි. 700කට අධික ආදායමක් ලබා ගැනීමට සමත් වෙනවා.

එසේම ඇකඩමි සම්මාන ඇතුළු සම්මාන 23ක් දිනූ සහ සම්මාන අසූවකට අධික සංඛ්‍යාවකට නිර්දේශ වුණු සිනමා ඉතිහාසයේ බිහිවුණ විශිෂ්ටතම විද්‍යා ප්‍රබන්ධය ලෙස Interstellar හඳුන්වන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි රූගත කිරීමෙන් පසුව චිත්‍රපටිය වෙනුවෙන් වගා කළ ඉරිඟු වගාවේ අස්වැන්නෙන් පවා ඩොලර් 162,000ක විශාල ලාභයකුත් ක්‍රිස්ටෝපර් නෝලන් උපයා ගන්න සමත් වුණා.
(colombotimes.lk)