colombotimes.lk
සිංහල | English

04 May 2024

ලංකාවේ හමුදා කඳවුරු ගහන්න චීනයෙන් සැලසුමක්



ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක හමුදා කඳවුරු පිහිටුවීම සඳහා චීනය ගවේෂණයක යෙදෙන බව ඇමෙරිකානු නවතම බුද්ධි වාර්තාවක සඳහන් වනවා.

චීනය අප්‍රිකාවේ ජිබුටි රාජ්‍යයේ සිය හමුදා කඳවුර සහ කාම්බෝජයේ රීම් නාවික කඳවුරේ හමුදා පහසුකම් සංවර්ධනය කිරීමෙන් ඔබ්බට ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව මියන්මාරය, කියුබාව, ගිනියාව, පාකිස්ථානය, සීෂෙල්ස් යන රටවල ද හමුදා කඳවුරු පිහිටුවීමේ හැකියාව චීනය නිරීක්ෂණය කරමින් සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඇමෙරිකානු ආරක්ෂක බුද්ධි ප්‍රජාව විසින් නිකුත් කරන 2024 වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාවේ මෙම කරුණු ඇතුළත් වනවා.
(colombotimes.lk)