colombotimes.lk
සිංහල | English

04 May 2024

VIDEO | වතුකරයේ ජනතාව කොළඹට යන්න දිගු පෝලිම්වල



අලුත් අවුරුදු නිවාඩුවට වතුකරයට පැමිණි ජනතාව නැවත රැකියා සඳහා කොළඹට පැමිණීමට බස් නැවතුම්පොලේ දිගු පොලිම්වල රැඳී සිටින අයුරු දැක ගත හැකි වුණා.

හැටන් සිට කොළඹ දක්වා විනාඩි 20 කට වරක් හැටන් ඩිපෝවේ සහ වෙනත් ඩිපෝවල බස් රථ ධාවනයට එක් කර තිබුණද, එය ප්‍රමාණවත් නොවන බවයි මගී ජනතාව කියා සිටියේ.

ධාවනයට එක් කර ඇති ලංගම බස් රථ බස් නැවතුම්පොලට ඇතුළත් කිරීමට ප්‍රථම පෝලිම්වල රැඳී නොසිට විශාල පිරිසක් බස් රථවල අසුන්ගෙන සිටින බවට පෝලිම්වල රැඳී සිටින පිරිස් චෝදනා කරනවා.

එම චෝදනා සම්බන්ධයෙන් මගීන් පිරිසක් සහ හැටන් ලංගම ඩිපෝවේ වේලා සටහන්කරු අතර උණුසුම් තත්වයක්ද ඇති වුණා.

(colombotimes.lk)