colombotimes.lk
සිංහල | English

19 May 2024

පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනයට වැඩසටහනක්



පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙමඟින් පොලිස් නිලධාරීන්ගේ සතිමත්භාවය ඉහළ නැංවීම හරහා රාජකාරි කටයුතු නිසි අයුරින් පවත්වගෙන යාම අපේක්ෂා කරන බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව සතිමත්භාවය වර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන කළුතර පොලිස් විද්‍යාලයේ දී ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)