colombotimes.lk
සිංහල | English

01 May 2024

"කඳුකර දශකය" වැඩසටහන යටතේ ව්‍යාපෘති 10,765ක්



මේ වසරේ මුල් කාර්තුව අවසන් වන විට 'කඳුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන' යටතේ ව්‍යාපෘති 10,765ක් ක්‍රියාත්මක කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

කඳුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන යනු ජනාධිපතිවරයා විසින් මෙවර අයවැය මඟින් මුහුදු මට්ටමේ සිට මීටර් 200ට වැඩි උස් ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා ආරම්භ කළ වැඩසටහනක් වනවා.

මෙය තෝරා ගත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක වන අතර ඒ සඳහා මේ වන විට රුපියල් මිලියන 4109.20ක මුදලක් වැය කර ඇති බව සඳහන්.

එමෙන්ම මේ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 10,000ක  මුදලක් වෙන් කර තිබෙනවා.

කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, කුරුණෑගල, අම්පාර යන දිස්ත්‍රික්කවල මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)