colombotimes.lk
සිංහල | English

02 May 2024

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන හිංසන වැළැක්වීමට බුද්ධි අංශ යොදවයි



පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන හිංසන වැළැක්වීමට බුද්ධි අංශ යොදවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ ප්‍රජාව පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැති වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 
 
එමෙන්ම කාන්තාවන් සහ දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දැනුවත් කිරීමට 109 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා. 
 
එහි පැමිණිලි භාර ගැනීම භාරව කටයුතු කරන්නේ ද කාන්තා පොලිස් නිලධාරිනියන් වීම විශේෂත්වයක්. 
 
එවැනි පැමිණිලි සම්බන්ධව පැය 48ක් ඇතුළත සම්පූර්ණ විමර්ශන කිරීමට පියවර ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)