colombotimes.lk
සිංහල | English

18 May 2024

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීම සඳහා විශේෂ කමිටුවක්



ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. 

ඒ අනුව එය අද (27) සිට ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ. 
 
මේ අතර ලියාපදිංචිය කල් ඉකුත් වී පවතින ඖෂධවල කාලය ලබන ජුනි මාසය අවසන් වන තෙක් දීර්ඝ කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම මහතා සඳහන් කළා.
(colombotimes.lk)